73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් නිදහස් දින උළෙල පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේදී පැවැත්වුන අතර මෙහිදී ආගමික, සංස්කෘතික අංග වලට අමතරව ගල්විහාර පුදබිම තුල රුක්රෝපනය කිරීමද සිදුකරන ලදී.
මෙම උත්සවය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්‍රවයේ අනුනායක ඓතිහාසික සොලොස්මස්ථාන රාජමහා විහාරාධිපති පුජ්‍යපාද වෙඩරුවේ උපාලිභිධාන නාහිමිපාණන් වහන්සේ, උතුරු උතුරුමැද නැගෙනහිර පළාත්හී ප්‍රධාන සංඝනායක පුරාණ ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති පුජ්‍යපාද උඩගම ශ්‍රී ධම්මානන්ධාභිදාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකල අතර මෙම අභිමානවත් වූ මොහොත සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ද එක් විය.
|
|
|
|
|
|
|
|
|
|
|
|