අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාව - 2020.10.18
සංවිධානය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සැලසුම් හා සංවර්ධන අංශය.
ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.10.18 දින අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, මේ සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ගරු මහීපාල හේරත් මැතිතුමා, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඇතුළු මැති ඇමති වරුන්, ගරු නගරාධිපතිතුමා ඇතුළු ගරු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, උතුරු මැද පළාත් නිලධාරීන් සහ දිස්ත්‍රික් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පෙ.ව.10.30 ට ආරම්භ කෙරුණි..
මෙහිදී අධ්‍යාපන කටයුතු සම්බන්ධ වර්තමාන තත්වය පිළිබඳවත්, අධ්‍යාපනයේ පවතින ගැටළු සම්බන්ධවත්, 2021 අධ්‍යාපන සැලැස්ම පිළිබඳවත් උතුරු මැද පළාත් අධ්‍යාපන නිළධාරීන් විසින් කරුණු ගෙනහැර පෑවේය. ඉන්පසුව පුලතිසි අධ්‍යාපන විද්‍යාපීඨය, කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව සිය ආයතන වල පවතින ගැටළු ගරු අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පවසන ලද අතර, ඒවාට අවශ්‍ය විසඳුම් හා තීන්දු තීරණ අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදී.
එමෙන්ම 2020 - 2024 පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ඉලක්ක ලෙස,
01. ප්‍රාථමික අංශයේ අත්‍යාවශ්‍ය නිපුණතා 100% සහතික කිරීම.
02. ශිෂ්‍යත්වය විභායට පෙනී සිටින සියළුම සිසුන් ලකුණු 100 ඉක්ම වීම.
03. උසස් පෙළ හදාරන සියළු සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අවම සුදුසුකම් ලබා ගැනීම සහතික කිරීම.(2019 වර්ෂයේ 64% සිට 2024 වන විට 100%දක්වා)
නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්යක්ෂ විසින් ඉදිරිපත් කරන ලදී. දිසාපතිතුමා විසින් මෙදින රැස්වීමට පැමිණි මැති ඇමති තුමන්ලා, මහජන නියෝජිතයින් හා ගරු ආණ්ඩුකාර තුමාටද, රැස්වීමට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, උතුරු මැද පළාත් නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ස්තූතිය පිරිනමන ලදී. අනතුරුව ගල්ලෑල්ල නව ජාතික පාසල ඉදිකිරීමට යෝජිත ස්ථානය නිරීක්ෂණය කිරීම, නව විශ්ව විද්‍යාලය ඉදිකිරීමට යෝජිත මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම නිරීක්ෂණය කිරීම සහ මින්නේරිය ජාතික පාසල නිරීක්ෂණය කිරීමේ අවස්ථාවන් සඳහා රැස්වීම අවසන් කර සියළු දෙනා පිටත් වුණි
|
|
|
|
|
|
|
|
|