2020.09.17 සහ 18 දෙදින පවත්වන ලද දීර්ඝ කාලීන බදු බලපත්‍ර සකස් කිරීමේ කඩිනම් වැඩසටහන.
රජයේ ඉඩම් වල දිර්ඝ කාලයක් තිස්සේ භුක්තිවිදිමින් සිටින ඉල්ලුම්කරුවන් සදහා කඩිනමින් දීර්ඝකාලීන බදු නිර්දේශ සකස් කිරීමේ වැඩසටහනක් පොළොන්නරුව අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ දී 2020 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින පුරා පවත්වන ලදි.
ඒ අනුව තමන්කඩුව, හිගුරක්ගොඩ, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල 2020 වර්ෂයේ රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් කච්චේරි පවත්වා තෝරා ගන්නා ලද කට්ටිකරුවන් සදහා දීර්ඝ කාලීන බදු බලපත්‍ර ලබාදීම කඩිනම් කිරීම සදහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව , ඉඩම් අමාත්‍යාංශය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඉඩම් ක්ෂේත්‍ර නිළධාරීන් එක්ව පොළොන්නරුව ඉඩම් කොමසාරිස් කාර්යාලයේ දී මෙම කට්ටිකරුවන්ට අදාල නිර්දේශ වාර්තා සකස් කර පරීක්ෂා කර ගරු ඇමතිතුමාගේ අනුමැතිය සදහා ඉදිරිපත් කරණ ලදි.
මේ නිසා මෙම ලේඛන වල අඩුපාඩු පරීක්ෂා කිරීමෙන් නැවත නැවත කාර්යාල අතර ලිපි හුවමාරුව අවම කිරීම හා තැපෑල මගින් සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීම ද හැකි වූ අතර දෙදින තුල නිර්දේශ වාර්තා 420 ක් සකස් කිරීමට ද හැකිවිය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
නේවාසික |
වාණිජ |
කෘෂිකාර්මික |
එකතුව |
තමන්කඩුව |
223 |
31 |
40 |
294 |
හිගුරක්ගොඩ |
97 |
11 |
10 |
118 |
මැදිරිගිරිය |
6 |
1 |
1 |
8 |
එකතුව |
326 |
43 |
51 |
420 |
|
|
|